පුවත් කවුළුව
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ 2017, 2018, 2019 හා 2020 මුදල් වර්ශයන් සඳහා නිර්මල මූල්‍ය කලමනාකරණය හා කාර්යක්ශම කාර්යසාධනය සඳහා වූ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබූ වගයි
  • දැන් ඔබගේ පහසුව සඳහා සබරගමුව පළාත් රැකියා විරහිත උපාධිධාරී හෝ ඩිප්ලෝමාධාරී සමීක්ෂණය සඳහා ලියාපදිංචි වීම අන්තර්ජාලය මගින් සිදුකල හැකිය. අදාල පිටුවට යාම සඳහා මෙහි Click කරන්න
  • රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ සංගණනය - 2022/23

උපාධිධාරී ඩිප්ලෝමාධාරී සමීක්ෂණය


උසස් අධ්‍යාපනය අවසන් කර ශ්‍රම බලකායට ඒකතුවන සබරගමුව පළාත් මානව සම්පත හඳුනා ගැනීම තුලින් රැකියා වෙළඳ පොල අවස්ථා සම්පාදනය හා ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා අවශ්‍ය දත්ත හා තොරතුරු සැපයීම. මෙහිදී උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ලෙස කාණ්ඩ දෙකක් යටතේ සමීක්ෂණය සිදුකරයි.


    උපාධිධාරී හා ඩිප්ලෝමාධාරී සමීක්ෂණය කිරීමේ වැඩසටහන සඳහා මාර්ගගතව (online) දායක වීමේදී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කරමු. (ඔබට මේ සඳහා Gmail වර්ගයේ විද්‍යත් තැපැල් ලිපිනයකින් ඇතුලත්වී (Log) තිබීම අත්‍යවශ වේ).

    • දැනටමත් (මෙම වසරේ හෝ පෙර වසරකදී) කාර්යාලයට පැමිණ හෝ තැපැල් මගින් හෝ මාරගගත ක්‍රමය ඔස්සේ සමීක්ෂණයට දායක වී ඇත්නම් නැවත සමීක්ෂණය සඳහා දායක වීම අවශ්‍ය නොවනු ඇත. එමෙන්ම සාමාන්‍ය ක්‍රමවේද (කාර්යාලයට පැමිණ හා තැපැල් මගින්) ඔස්සේද සමීක්ෂණය ක්‍රියාත්මක වන බැවින් ද්විත්වව සමීක්ෂණය සඳහා දායක වීම් නොවිය යුතුය.
    • සමීක්ෂණ පත්‍රිකාව යොමුකරන දිනට උපාධි හෝ ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කර තිබිය යුතුය. (සහතිකයේ සඳහන් වලංගු දිනය එම දිනට පෙර දිනයක් විය යුතුය).
    • උපාධි හෝ ඩිප්ලෝමා සහතිකයේ පැහැදිලි චායාරූප පිටපතක් උඩුගත කිරීම (upload) කිරීම අනිවාර්ය අවශ්‍යතාවයකි. එසේ නොමැති සමීක්ෂණ පත්‍රිකාව ප්‍රතික්ෂේප කරනු ලැබේ.
    • තොරතුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබගේ විද්‍යුත් ලිපිනයට ‘ලියාපදිංචි අංකය‘ හා ‘ දිනය’ යොමු කරණු ඇත.

    වැඩසටහන සම්බන්ධ වැඩිදුර තොරතුරු 045 2222173 (345) මගින් තොරතරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරි හෝ 045 2222025 මගින් සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ඇමතීමෙන් ලබාගත හැකිවනු ඇත.

    තොරතුරු, පර්යේෂණ හා විශේෂ ව්‍යාපෘති දෙපාර්තමේන්තුව
    නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලය
    සබරගමුව පළාත් සභාව

    උපාධිධාරීන් සඳහා

    ඩිප්ලෝමාධාරීන් සඳහා